පහත දැක්වෙන ඕනෑම ක්‍රමයක් භාවිතා කර ඔබට පන්ති ගාස්තු ගෙවිය හැක.
අප විසින් ඔබ වෙත ලබා දී ඇති ඕනෑම බැංකු ගිණුමක් භාවිතා කර, එම බැංකුවට අදාළ Cash Deposit Machine (CDM) මගින් මුදල් තැන්පත් කළ හැක. මුදල් තැන්පත් කිරීමෙන් පසු, ඔබට ලැබෙන රිසිට් පතේ පැහැදිලි ඡායාරූපයක් පහත විස්තර සමඟ ඔබගේ පන්තියට අදාළ WhatsApp අංකයට යොමු කරන්න.
සිසුවාගේ සම්පූර්ණ නම
ශ්‍රේණිය
WhatsApp දුරකථන අංකය
මුදල් ගෙවූ මාසය (කුමන මාසයට අදාළවද යන්න)

ඔබ බැංකු ශාඛාවකට ගොස් Cash Deposit Slip භාවිතා කර, අප විසින් ලබා දී ඇති ඕනෑම බැංකු ගිණුමකට මුදල් තැන්පත් කළ හැක. Deposit Slip එකේ මුදල් තැන්පත් කිරීම සනාථ කරන ස්ථානයට ආසන්නව පහත විස්තර පැහැදිලිව ලියා, එහි පැහැදිලි ඡායාරූපයක් ඔබගේ පන්තියට අදාළ WhatsApp අංකයට යොමු කරන්න.
සිසුවාගේ නම
ශ්‍රේණිය
දුරකථන අංකය
මුදල් ගෙවූ මාසය

ඔබට Online Banking පහසුකම භාවිතා කර, අප විසින් ලබා දී ඇති ඕනෑම බැංකු ගිණුමකට මුදල් මාරු කළ හැක. පහත විස්තර පැහැදිලිව පෙනෙන Payment Confirmation Slip / PDF / Screenshot එකක් ඔබගේ පන්තියට අදාළ WhatsApp අංකයට යොමු කරන්න.
බැංකුවේ නම
ගිණුම් අංකය
මුදල් ගෙවූ දිනය හා වේලාව
ගෙවූ මුදල

ඔබ විසින් යොමු කරන ලද රිසිට් පත පරීක්ෂා කිරීමෙන් පසු, පන්තියට සම්බන්ධ වීමට අවශ්‍ය Official Class Group Link සහ අනෙකුත් වැදගත් පන්ති තොරතුරු ඔබ වෙත WhatsApp හරහා යොමු කරනු ඇත.
ඊට අමතරව, SMS පණිවිඩයක් මගින්ද ඔබට මුදල් ගෙවීම සාර්ථකව සනාථ වූ බව දැනුම් දෙනු ඇත.
පන්ති කාලසටහන්, දැනුම්දීම් සහ අනෙකුත් සියලුම විස්තර පහත වෙබ් අඩවිය හරහා ලබා ගත හැක